
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චන්ද්‍රයා මත ජීවත් වෙමින් පර්යේෂණ සහ රාජකාරිවල නිරත විය හැකි නව පරම්පරාවක ගගනගාමීන් පිරිසක් බඳවා ගැනීමට ඇමෙරිකාවේ නාසා (NASA) අභ්‍යවකාශ ආයතනය නිල වශයෙන් තීරණය කර තිබේ.
‘ආටෙමිස්’ (Artemis) වැඩසටහනේ නවතම පියවර ලෙස අයැදුම්පත් කැඳවමින් නාසා ආයතනය සඳහන් කර ඇත්තේ, තෝරාගන්නා පිරිස චන්ද්‍රයා මත ස්ථිර පදනමක් ගොඩනැගීමට සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත අඟහරු වෙත යන පළමු මානව මෙහෙයුම් සඳහා සෘජුවම දායක වන බවයි.
කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැති ගුවන් සංදර්ශනයක් අතරතුරදී මෙම විශේෂ නාසා නියෝජිතයන් ප්‍රකාශ කර සිටියේ 2028 වසර වන විට නැවතත් ඇමෙරිකානුවන් සඳ මතට යැවීම සිය ප්‍රධාන අභිලාෂය බවයි.
මෙම මෙහෙයුම් සඳහා SpaceX සහ Blue Origin යන පෞද්ගලික සමාගම්වල සහාය ද හිමිවේ.
නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් සඳහන් කර ඇත්තේ, මෙය නාසා අභ්‍යවකාශ කණ්ඩායමට එක්වීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවත්, තේරී පත්වන අපේක්ෂකයන් සඳ මත ඇවිදීමට මෙන්ම එහි ජීවත් වෙමින් ඉදිරි අඟහරු මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණය ගොඩනැගීමට පුරෝගාමී වන බවත්ය.
2024 වසරෙන් පසු නාසා ආයතනය මෙලෙස අයැදුම්පත් කැඳවූ පළමු අවස්ථාව මෙය වන අතර, 2025 සැප්තැම්බර් මාසයේදී ලැබුණු අයදුම්පත් 8,000කට වැඩි සංඛ්‍යාවකින් තෝරාගෙන ඇත්තේ අපේක්ෂකයන් 10 දෙනකු පමණි.
1960 දශකයේ සිට මෙතෙක් නාසා ආයතනය විසින් පුහුණුව සඳහා තෝරාගෙන ඇත්තේ ගගනගාමීන් 370 දෙනකු වන අතර, වර්තමානයේ එහි සක්‍රීයව සේවය කරන්නේ 32 දෙදෙනකු පමණි. මෙවර තෝරාගනු ලබන නව කණ්ඩායම සඳහා වන අවසන් තේරීම් 2027 අගභාගයේදී සිදුකිරීමට නියමිතය.
මෙම තනතුරු සඳහා අයැදුම් කිරීමට ඇමෙරිකානු පුරවැසිභාවය අනිවාර්ය වන අතර විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හෝ ගණිතය (STEM) ක්ෂේත්රයන්ගෙන් පශ්චාත් උපාධියක්, වෛද්‍ය සුදුසුකම්, නියමු පුහුණුව හෝ ආචාර්ය උපාධි පාඨමාලාවක වසර දෙකක පළපුරුද්දක් තිඛිය යුතුය. ඊට අමතරව වසර 3ක අදාළ ක්ෂේත්රයේ වෘත්තීය පළපුරුද්ද ද අත්‍යවශ්‍ය වේ.
නියමුවන් ලෙස අයැදුම් කරන්නේ නම් අධික වේගයෙන් පියාසර කරන ජෙට් යානාවල පැය 750ක ප්‍රධාන නියමු කාලයක් හෝ වෙනත් ගුවන් යානාවල පැය 1,500ක පියාසර කාලයක් සපිරිය යුතුය.
සුදුසුකම් සහිත අයදුම්කරුවන්ට එළඹෙන දෙසැම්බර් 03 වැනිදා රාත්‍රී 11.59 දක්වා අයැදුම්පත් යොමුකළ හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart