November 9, 2026

වීරවිල එළිමහන් සිරකඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියකු, මුවකු ඇනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඊයේ(08) සවස අදාළ රැඳවියා කඳවුරු භූමියේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එහි නිදැල්ලේ සිටි මුවකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් තිබේ.

මියගිය රැඳවියා 30 හැවිරිදි වරපලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිස් වාර්තා හෙළිකරයි.