
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සාර්ථක මූලික පරීක්ෂණ පියාසර කිරීම්වලින් අනතුරුව, ඉදිරි මාස දෙකත් තුනත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වාණිජ මගී ඩ්‍රෝන මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි. මෙම ව්‍යාපෘතියේ මූලික පරීක්ෂණ පියාසර කිරීම් ලබන නොවැම්බර් 11 වනදා පැවැත්වීමට නියමිතය.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම නියමු ව්‍යාපෘතියේ මූලික පරීක්ෂණ මේ වන විට කොළඹ වරාය නගරය (Port City) පරිශ්‍රයේදී සිදුකෙරෙමින් පවතින බවයි. මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු අදාළ සියලු ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබේ.
චීනයේ ‘EHang’ ගුවන් තාක්ෂණික සමාගම විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන අතර, ශ්‍රී ලංකා රජය මගින් ඊට අදාළ ප්‍රතිපත්තිමය සහාය, යටිතල පහසුකම් සහ නියාමන අනුමැතීන් ලබා දෙයි.
“අපි නොවැම්බර් 11 වැනිදා මූලික පියාසර මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එම පරීක්ෂණ සාර්ථක වුවහොත්, ඉදිරි මාස දෙකත් තුනත් අතර කාලය තුළ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට අපි අරමුණු කර තිබෙනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ආරම්භක පියවරේදී මෙම මගී ඩ්‍රෝන යානා ප්‍රධාන වශයෙන් සංචාරක ක්ෂේත්රය වෙනුවෙන් භාවිත කිරීමට නියමිත අතර, එමගින් දේශීය හා විදේශීය සංචාරකයන්ට කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ගුවන් දසුන් නැරඹීමේ අලුත්ම අත්දැකීමක් හිමිවනු ඇත.
තවද, මෙම මූලික මෙහෙයුම් සාර්ථක වුවහොත් සීගිරිය සහ යාපනය වැනි දිවයිනේ සෙසු ප්‍රධාන සංචාරක ස්ථාන වෙත ද මෙම සේවාව ව්‍යාප්ත කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නියමුවෙකු නොමැතිව මගීන් ප්‍රවාහනය කළ හැකි, සිරස් අතට ගුවන්ගත වන සහ ගොඩබස්වන විදුලි බලයෙන් ක්‍රියාත්මක යානා (eVTOL) භාවිතයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයට නව මානයක් එකතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට ප්‍රථම අවශ්‍ය සියලු නියාමන සහ ආරක්ෂිත ප්රමිතීන් සපිරීම තහවුරු කිරීම සඳහා ගුවන් සේවා සහ ආරක්ෂක බලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart