
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාව තුළ චීන රහස් පොලිස් ස්ථාන ජාලයක් සක්‍රියව පවතින්නේද යන්න පිළිබඳව වහාම පරීක්ෂා කර බලා නීතිමය පියවර ගන්නා ලෙස පවසමින් කැනඩාවේ නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනී ක්වාන් එරට මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සහ විදේශීය බලපෑම් පිළිබඳ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
චීන රහස් පොලිස් ස්ථාන ලොව පුරා ව්‍යාප්ත වීම පිළිබඳව නිකුත් වූ නවතම වාර්තාවක් පදනම් කරගනිමින් ඇය මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී සහ කොමසාරිස් ඇන්ටන් බෝග්මන් වෙත මෙම විවෘත ලිපිය යොමු කර ඇත.
“A Formula for Repression – China’s Global Grid for Community Control” (මර්දනය සඳහා වන සූත්‍රය – ප්‍රජා පාලනය උදෙසා චීනයේ ගෝලීය ජාලය) යන ශීර්ෂපාඨය සහිතව නිකුත් වූ එම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්වාන් මන්ත්‍රීවරිය සඳහන් කළේ, මෙම බරපතල චෝදනා කෙරෙහි වහාම අවධානය යොමු කළ යුතු බවයි.
“මෙම වාර්තාවේ සඳහන් කරුණු සත්‍යද යන්න තහවුරු කරගැනීමටත්, මෙවැනි මෙහෙයුම් කැනඩාව තුළ සක්‍රියව පවතින්නේද යන්න සොයාබැලීමටත් කැනඩා රජයට වගකීමක් තියෙනවා. එමෙන්ම විදේශීය බලපෑම් කිරීම්, තර්ජනය කිරීම් හෝ බලපෑම් එල්ල කිරීම් වෙනුවෙන් චීන රජය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් හෝ සංවිධාන මෙහි සිටින්නේද යන්න අනාවරණය කරගත යුතුයි,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
‘සේෆ්ගාර්ඩ් ඩිෆෙන්ඩර්ස්’ (Safeguard Defenders) සංවිධානයේ ලෝරා හාර්ත් විසින් මෙම වාර්තාව සකස් කර ඇති අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගනිමින් චීන ප්‍රාන්ත පහක පොලිස් බලකායන් 10 කට වැඩි ප්‍රමාණයක් මෙම ගෝලීය ජාලයට දායක වී ඇති බව එහි සඳහන් වේ. විදේශගත චීන ප්‍රජාව පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මීට පෙර 2022 වසරේදී නිකුත් කළ වාර්තා දෙකකින්ද රටවල් 50 කට වැඩි ප්‍රමාණයක ස්ථාපිත කර තිබූ මෙවැනි විදේශීය චීන රහස් පොලිස් ස්ථාන 100 කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කෙරිණි. එම තොරතුරුවලට අනුව කැනඩාවේ රිච්මන්ඩ්, ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල් යන ප්‍රදේශවල ක්‍රියාත්මක වූ කණ්ඩායම් පිළිබඳව කැනඩා රාජකීය අශ්වාරෝහක පොලිසිය (RCMP) පරීක්ෂණ පැවැත්වූවද, කිසිදු පාර්ශ්වයකට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කළේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart