
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගත් ධීවර යාත්‍රාවක තිබී රුපියල් බිලියන 3 ක පමණ වීථි වටිනාකමකින් යුත් ‘අයිස්’ නමැති ස්ඵටික මෙතම්ෆෙටමීන් කිලෝග්‍රෑම් 100 කට වැඩි ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 50 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.
අද (05) උදෑසන දික්ඕවිට ධීවර වරායේදී අදාළ යාත්‍රාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මේ බව අනාවරණය කළේය.
යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ඉදිරියේදී වැඩිදුර පරීක්ෂාවට ලක්කරන බවද ඔහු පැවසීය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ යැයි සැකය මත, දිවයිනට දකුණෙන් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (04) ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම දේශීයව ලියාපදිංචි කළ බහුදින ධීවර යාත්‍රාව වටලා අත්අඩංගුවට ගන්නා ලදී.
වැඩිදුර පරීක්ෂණ සහ විමර්ශන සඳහා එම යාත්‍රාව සහ එහි සිටි කාර්ය මණ්ඩලය අද උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත ගෙන එනු ලැබීය.
සැකකටයුතු මත්ද්‍රව්‍ය සහිත උර 10 ක් පමණ එම ධීවර යාත්‍රාව තුළ තිබී සොයාගෙන ඇත.
අදාල යාත්‍රාව සහ එහි සිටි කාර්ය මණ්ඩලය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart