
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල පොලිස් බලප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය උදෙසා අලුතින් ඉදි කරන ලද Ella Rock View නිවාඩු නිකේතනය, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි.
බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසය තුළ අලුතින් වැඩ නිම කරන ලද ව්‍යාපෘති තුනෙන් එකක් ලෙස මෙම නිවාඩු නිකේතනය හඳුන්වා දිය හැකිය. හල්දුම්මුල්ල පොලිස් ස්ථානය වෙනුවෙන් ඉදි කරන ලද ස්ථානාධිපති නිල නිවස සහ දේශන ශාලාව අනෙක් ව්‍යාපෘති දෙකයි.
පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු විසඳීම සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ කුලී නිවාස වෙනුවෙන් රජයට දැරීමට සිදුවන දීර්ඝකාලීන පිරිවැය අවම කිරීමේ අරමුණින් පොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ.
මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, පොලිස් අනුබද්ධ සේවා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද සහ මොනරාගල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart