
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසර තුළ ආණ්ඩුව මෘදුකාංග අපනයන සහ ඩිජිටල් සේවා මත බදු පැනවීම මෙන්ම විදුලි මෝටර් රථ සඳහා වන බදු දෙගුණයකින් ඉහළ නැංවීම ඇතුළුව බදු වර්ග කිහිපයක් වැඩි කර ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා චෝදනා කරයි.
වත්මන් ආණ්ඩුව කිසිදු බද්දක් ඉහළ දමා නොමැති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා කළ ප්‍රකාශය ප්‍රශ්න කළ ඔහු පෙන්වා දුන්නේ, වත්මන් පාලනය විසින් අලුතින් බදු කිහිපයක්ම හඳුන්වා දී ඇති බවයි.
“රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස, පසුගිය වසර තුළ මෙම ආණ්ඩුව බදු කොපමණ ප්‍රමාණයක් වැඩි කර ඇත්දැයි මා හොඳින්ම දන්නවා. ඔවුන් සම්පූර්ණයෙන්ම අලුත් බදු පවා හඳුන්වා දී තිබෙනවා,” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෘදුකාංග අපනයන සහ ඩිජිටල් සේවාවන් සඳහා බදු පනවා ඇති අතර, විදුලි රථ සඳහා වූ බදු දෙගුණ කර ඇති බව හර්ෂ ද සිල්වා මෙහිදී පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.
වාහන ආනයනයෙන් ලැබුණු බදු ආදායම් ප්‍රධාන කොට ගනිමින්, රජයේ බදු ආදායම බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බැවින් බදු අඩු කිරීමට ආණ්ඩුවට දැන් අවස්ථාව පවතින බව මන්ත්‍රීවරයා පැවසීය.
රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 5 කට වඩා වැඩි වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගත් බවට ආණ්ඩුව කියන කතාව ප්‍රශ්න කළේය. සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් වියදම් කිරීමට අපොහොසත් වීමද මෙම අතිරික්තයට එක් හේතුවක් බව ඔහු පෙන්වා දුන්නේය.
දඹුල්ල ප්‍රභාස්වර ව්‍යාපෘතිය නිදසුනකට ගනිමින් ඔහු කියා සිටියේ, මෙවර ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 1.5 ක් පමණ වෙන් කර තිබුණද, ජූනි මාසය වන විට වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 300 ක් පමණක් බවයි. එම වියදම රුපියල් බිලියන 600 දක්වා වැඩි වූවද, වෙන් කළ මුදල්වලින් විශාල ප්‍රමාණයක් තවමත් භාවිතා නොකර ඉතිරිව පවතින බව ඔහු පැවසීය.
සූර්ය බලශක්ති පද්ධතියක් සවිකිරීමේ ප්‍රමාදයන් පිළිබඳවද සඳහන් කළ මන්ත්‍රීවරයා, ඒ සඳහා මුදල් වෙන් කර තිබුණද ව්‍යාපෘතිය මාස ගණනාවක් තිස්සේ ඇදෙමින් පවතින බව කියා සිටියේය.
“බදු එකතු කරන්නේ මහ භාණ්ඩාගාරයේ මුදල් තබා ගැනීමට පමණක් නෙවෙයි. ඒ මුදල් එකතු කරන්නේ රටේ සංවර්ධනයට සහ මහජන සේවාවන් වෙනුවෙන් වියදම් කිරීමටයි,” යනුවෙන් හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart