
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිඹුලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා 52.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවැනිධූර කාලය සඳහා තේරීපත් වූ බව එරට මැතිවරණ කොමිසම පවසයි.
කෙසේ වෙතත්, විපක්ෂය කියා සිටියේ පුලුල්ව ඡන්ද මංකොල්ලකෑම් සිදුවී ඇති බවයි. එසේම අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂකයන්ද පෙන්වාදී ඇත්තේ, ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්ට වඩා අඩු බවයි.
රොබට් මුගාබේට එරෙහිව 2017 කුමන්ත්‍රණයකින් පසුව එමර්සන් ම්නන්ගග්වාබලයට පත්විය.
සිම්බාබ්වේ වැසියෝ තවමත් ඉහළ උද්ධමනයකට, දරිද්‍රතාවයකට සහ භීතියේ වාතාවරණයකට මුහුණ දී සිටිති.
ඔහු ප්‍රථම වරට ජනාධිපති වූ විට, ඔහුගේ කුරිරුකම නිසා “කිඹුලා” ලෙසින් ජනතාව විසින් ම්නන්ගග්වා හැඳින්වීමට පටන් ගත්හ.
ජනතාවට නව අනාගතයක් පොරොන්දු වූ නමුත් ම්නන්ගග්වා යටතේ මේ වන විට සිම්බාබ්වේහි උද්ධමනය 101.3% දක්වා ඉහළ ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart