November 2, 2026

බෝගවන්තලාව ප්‍රදේශයේදී කෙසෙල්ගමුව ඔයට වැටීමෙන් 10 හැවිරිදි පිරිමි ළමයකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලිසියට අනුව, දරුවා තණකොළ කැපීම සඳහා තම සීයා සමඟ ගොස් සිටියදී දියට වැටී මෙම අනතුර සිදුව ඇත.

දියට වැටුනු දරුවා පසුව බෝගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ බෝගවන්තලාව, ලින්ෆර්ඩ් වතුයායේ පදිංචි 10 හැවිරිදි දරුවෙකි.

මළ සිරුර දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බව පොලිසිය පවසයි.

බෝගවන්තලාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.