
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව දැඩි අවධානයක් යොමුකර ඇති, චීන භූ භෞතික හා භූ කම්පන සමීක්ෂණ නෞකාවක් වන ෂී යැන් 6(Shi Yan 6) වෙත , ඔක්තෝම්බර් මස අගදී කොළඹ වරායට පැමිණීමට ශ්‍රී ලංකා රජය අනුමැතිය ලබා දී ඇති බව අනාවරණය වේ.
ආරක්ෂක අමාත්‍යාංශය වාර්තාවන්ට අනුව මෙම චීන පර්යේෂණ යාත්‍රාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී කොළඹ වරායට ඇතුළු වීමට අනුමැතිය ලැබී ඇත.
කෙසේ වෙතත්, නෞකාව පර්යේෂණ සහ සමීක්ෂණ සමග ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශය වෙතින් තොරතුරු අනාවරණය වන්නේ නැත.
ශ්‍රී ලංකා රුහුණු විශ්ව විද්‍යාලය සමඟ එක්ව දිය යට ජල විද්‍යාත්මක සමීක්ෂණයක් සඳහා Shi Yan 6 අනුමැතිය ඉල්ලා ඇති බවට Ceylon Wire News මීට පෙර අනාවරණය කළේය.
ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 10 දක්වා Shi Yan 6 වෙනුවන් දිය යට ජලවිද්‍යාත්මක සමීක්ෂණයක් පැවැත්වීමට අවසර ඉල්ලා කොළඹ චීන තානාපති කාර්යාලය රාජ්‍ය තාන්ත්‍රික සටහනක් හරහා ඉල්ලීම මේ වසරේ අප්‍රේල් මාසයේදී ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇත.
මෙම නෞකාව “චීනයේ වඩාත්ම දියුණු මධ්‍යම ප්‍රමාණයේ පර්යේෂණ නැව් වලින් එකක්” ලෙස සැළකේ.
මෙම නෞකාව පැමිණීමත් සමග ශ්‍රී ලංකාව චීනය සමග පසුගිය කාලයේ රහසිගතව අත්සන් කර ඇති සාගර කටයුතු පිලිබඳ ගිවිසුමක් පිළිබඳවද තොරතුරු අනාවරණය වී ඇත.
මෙම චීන නෞකාව විසින් ශ්‍රී ලංකා මුහුදු සිමාවේ සිදුකරන පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් නවදිල්ලිය දැඩි කනස්සල්ල පළකර ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart