
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටාන ප්රදේශයේ පිහිටි සුරතල් සතුන් රඳවා තබන මධ්යස්ථානයක් තුළදී සුනඛයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එම මධ්යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 08 වනදා සිදු වූ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ කටාන පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අදාළ සත්ත්ව රැකවරණ මධ්යස්ථානයේ සේවයෙන් පහකර තිබූ අතර, ඔහු තංගල්ල ප්රදේශයේ පිහිටි සිය නිවස වෙත ගොස් සිටි බව පොලිසිය පවසයි.
අදාළ මධ්යස්ථානයේ හිමිකරුට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමකට අනුව, නීතිඥවරයෙකු මාර්ගයෙන් සැකකරුවන් දෙදෙනා කටාන පොලිසිය වෙත පැමිණ භාර වී තිබේ.
අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් කටාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
එහිදී රුපියල් 200,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් දෙදෙනා මුදාහැරීමට නියෝග කළ අධිකරණය, නඩුව නැවත කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart