
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමාගම පොලිස් භාරයේ සිටියදී මියගිය සැකකරුගේ වෛද්ය වාර්තාවට අනුව ඔහුගේ ඉළඇට 3 ක් බිඳී ගොස් ඇති අතර මොළයට රුධිරය ගැලීමක් ද සිදුව ඇති බව හෙළි වී තිබේ. එසේම මොහුට සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරන බව බස්නාහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව මැදවත්ත පැවසීය.
2026 ඔක්තෝබර් 25 වැනි දින හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවෙද්දී මෙසේ සැකකටයුතු ලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නමැති අයෙකි.
පොලිස් මාධ්ය කොට්ඨාසයේ පැවැති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති මැදවත්ත කියාසිටියේ, විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව මියගිය පුද්ගලයාගේ හිසට ද තුවාල සිදුව ඇති බවයි.
මියගිය පුද්ගලයා සිරමැදිරියක දැමීමට පෙර යම් කාලයක් පොලිස් අපරාධ විමර්ශන අංශයේ තබාගෙන සිට ඇති අතර, එම කාලය තුළ පහරදීමක් සිදුවූ බවට චෝදනා කෙරෙන තොරතුරු ලැබී ඇති බව ද ඔහු පැවසීය.
කෙසේවෙතත්, මෙම චෝදනා නැගී ඇති පහරදීමට අදාළ සිදුවීම් මාලාව තවමත් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව විමර්ශන ක්රියාත්මක වන බව ද හෙතෙම සඳහන් කළේය.
මරණයට නිශ්චිත හේතුව සහ සිද්ධියට තුඩුදුන් පසුබිම තහවුරු කර ගැනීම සඳහා වෛද්ය වාර්තාවේ සොයාගැනීම් සහ දැනට සිදුවෙමින් පවතින විමර්ශනවල ප්රතිඵල තීරණාත්මක වනු ඇති බව ද ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart