
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදවච්චිය, වේවැල්කෙටිය ප්රදේශයේ දින කිහිපයක් පුරා බිම වැටී සිටියදි වනජීවී දෙපාර්තමේන්තුවේ පණ්ඩුලගම පශු වෛද්ය ඒකකය මගින් ප්රතිකාර කිරීමෙන් අනතුරුව උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන ආ අලි පැටවා සුවය ලබමින් ඇතැයි වනජිවී පශු වෛද්යවරුන් තහවුරු කර ඇත.
මෙම අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත පසුගිය 22 වැනි දින රැගෙන එනු ලැබුවේ විශේෂ ආධාරක යොදාගනිමින් සිදුකළ ප්රතිකාරවලින් අනතුරුවය.
මැදවච්චිය, වේවැල්කැටිය ප්රදේශයේ වාසය කල අවුරුදු 06ක පමණ මෙම පිරිමි අලි පැටවා ස්නායු ආබාධයකට ලක්ව දින කිහිපයක් එම ප්රදේශයේ වැතිර සිටියදී පණ්ඩුලගම පශු වෛද්ය ඒකකය මගින් ප්රතිකාර කටයුතු ආරම්භ කර ඇත.
ඇත් අතුරු සෙවණ වෙත රැගෙන ආ අලි පැටවාට අවශ්ය වැඩිදුර ප්රතිකාර කඩිනමින් ආරම්භ කිරීමෙන් පසු දින කිහිපයක් ආධාරක මගින් රඳවා තබාගනිමින් එහි ප්රධාන පශු වෛද්ය නිලධාරි මාලක අබේවර්ධනගේ අධීක්ෂණය යටතේ ප්රතිකාර සිදුකර තිබේ.
ඒ අනුව අලි පැටවා ක්රමයෙන් සුව අතට පත්වෙමින් සිටින අතර, මේ වන විට හොඳින් ආහාර හා ජලය ලබාගන්නා බව ප්රතිකාර සිදු කරන වනජීවී පශු වෛද්යවරු පවසති.
ඇත් අතුරු සෙවණේ අලි පැටවුන් රඳවන ස්ථානයක් තුළ පැටවා රඳවා සිටින අතර, රේඩියෝ සංඥා කරපටියක් පැළඳවීමෙන් පසු අලි පැටියා එමගින් නිරීක්ෂණය කරනු ඇත.
මේ වන විට අලි පැටවාගේ ආධාරක ඉවත් කර තිබෙන අතර අඛණ්ඩව අවශ්ය ප්රතිකාර කටයුතු වෛද්යවරුන්ගේ නිරීක්ෂණය යටතේ සිදුවෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart