
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර, ඩබ්ලින් ගුවන්තොටුපොළේදී රයන්එයාර් (Ryanair) බිම් මට්ටමේ කාර්ය මණ්ඩලයෙන් තමන්ට සහ පවුලේ අයට සිදුවූ බව කියන වෙනස්කොට සැලකීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිය කණගාටුව සහ විරෝධය පළකර තිබේ. ඔහු මෙම සිදුවීම “කම්පනසහගත” සහ “පිළිගත නොහැකි” එකක් ලෙස හඳුන්වා දී ඇත.
සිය X ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර විමසා සිටියේ ඩබ්ලින් හි පිහිටි රයන්ඇයාර් ගේට්ටු කාර්ය මණ්ඩලයෙන් මෙවැනි වෙනස්කොට සැලකීමේ අත්දැකීම්වලට මුහුණදුන් වෙනත් මගීන් සිටීද යන්නයි.
“ඩබ්ලින් හි @Ryanair ගේට්ටු කාර්ය මණ්ඩලයෙන් වෙනස්කොට සැලකීමේ අත්දැකීම්වලට මුහුණදුන් අයෙක් ඉන්නවාද? මම මගේ පවුලේ අය සමඟ ඊට මුහුණ දුන්නා, එය ඉතා කම්පනසහගතයි” යනුවෙන් සංගක්කාර සටහන් කර තිබිණි.
කාර්ය මණ්ඩලය සිය පවුලේ අයට කතාකළ ආකාරය දැඩි ලෙස විවේචනය කළ ඔහු, අදාළ ක්රියාපටිපාටීන් වැරදි ලෙස හසුරුවා ඇති බවත් කාර්ය මණ්ඩලය තර්ජනාත්මක ලෙස හැසිරුණු බවත් චෝදනා කළේය.
“ඕනෑම මගියෙකුට මෙවැනි දේ පිළිගත නොහැකියි. ඩබ්ලින් හිදී ලැබුණු පළමු නරකම අත්දැකීම මෙයයි” ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත්, මෙම ගැටුමට හේතුවූයේ කුමක්ද යන්න හෝ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සංගක්කාර අනාවරණය කර නැත.
ඔහුගේ මෙම සටහනට ප්රතිචාර දක්වමින් ශ්රී ලාංකික තාක්ෂණික ව්යවසායක සංජීව වීරවරණ සඳහන් කර තිබුණේ, බටහිර රටවල ජීවත් වූ සහ සංචාරය කළ වසර ගණනාව තුළ තමන්ද මෙවැනි වෙනස්කොට සැලකීම්වලට මුහුණ දී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart