October 27, 2026

මැදපෙරදිග යුද ගැටුම් සහ ඇමරිකානු අර්බුදය හමුවේ මෙරටට ආර්ථිකයට එල්ල විය හැකි මූල්‍ය අභියෝග පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට දැඩි තර්ජනයක් එල්ල කරන බවයි.

විශේෂයෙන්ම බලශක්ති, වෙළඳ සහ මූල්‍ය ක්ෂේත්‍ර කෙරෙහි මෙමගින් දැඩි අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ඔහු සඳහන් කළේය.

මෙම ආර්ථික අභියෝග හමුවේ රට ආරක්ෂා කර ගැනීමට නම් මූල්‍යමය වශයෙන් පැහැදිලි සැලසුම් තිබිය යුතු බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේය.