October 27, 2026

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වම් පාදයේ කලවා පිටුපස මාංශ පේශියේ ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට සහභාගී නොවනු ඇත.

ඔහු වෙනුවට ලහිරු උදාර නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ලහිරු උදාර මේ වන විටත් ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සාමාජිකයකු ලෙස පාකිස්තානයේ රැඳී සිටින අතර, පැතුම් නිස්සංක වෙනුවට ඔහු ටෙස්ට් සංචිතයට එක්වීමට නියමිතය.