
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පොතුපිටිය කංකානම්ගේ ප්රෂිත් දිනුක හෙවත් ‘දිප්පිටිගොඩ ලහිරු’ (31) නැමැත්තා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සඳහා ජපානයේ සහාය ලබා ගැනීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම චේතනාන්විතව ප්‍රමාද කළ බවට චෝදනා එල්ල වූ නිලධාරීන් හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඩුබායි හි සිට ක්‍රියාත්මක වූ ලහිරු නමැත්තා පසුව ජපානයට ගොස් ඇති අතර, ඔහුට ආරක්ෂාව සැපයූ බවට පැවසෙන පල්ලේවත්ත ගමගේ චමින්ද දිල්රුක් හෙවත් ‘පරෙවි සුදා’ නමැති ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තවදුරටත් ඩුබායි හි රැඳී සිටින බවයි.
ලහිරු නමැත්තා පිටුවහල් කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත ඇතැම් නිලධාරීන් සම්බන්ධ ජාලයක් ක්‍රියාත්මක වී ඇති බව පොලිසිය පවසයි. මෙම ජාලය ‘පරෙවි සුදා’ නමැත්තා විසින් ලබා දුන් බව කියන මූල්‍ය අල්ලස් මත පවත්වාගෙන ගොස් ඇති බවට විශ්වාස කෙරේ. මෙම චෝදනා හමුවේ, ජපන් බලධාරීන් ඉල්ලා සිටි තොරතුරු සෙසු නිලධාරීන් විසින් සිතාමතාම සඟවා තබා ඇත්ද නැතහොත් ප්‍රමාද කර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
A-5059/8-2023 යන යොමු අංකය යටතේ 2023 ජූනි 8 වන දින ලහිරුට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක් ද නිකුත් කර ඇත. පොලිස් වාර්තාවලට අනුව, N7082478 දරන ගමන් බලපත්‍ර හිමි ලහිරු නමැත්තා 2022 මාර්තු 1 වන දින ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ඔහුගේ අවසන් වරට පදිංචිව සිටි ලිපිනය වන්නේ නො. 226/එෆ්/11, දිප්පිටිගොඩ, කැලණිය යන්නයි.
ඔහුට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කර තිබියදීත් සහ ඔහුට සම්බන්ධ බරපතල අපරාධ පරීක්ෂණ මාලාවක් පැවැත්වෙද්දීත්, අදාළ ලේඛන ජපානය වෙත නිසි ලෙස යොමු කර නොමැති බව ආරංචි මාර්ග පවසයි. ලහිරු නමැත්තා සම්බන්ධ ඇතැම් තොරතුරු ඉදිරිපත් නොකිරීම හෝ අසම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ සහ පිටුවහල් කිරීමේ ප්රයත්නයට බාධා පැමිණ ඇති බවට ද චෝදනා එල්ල වේ.
ලහිරු නමැත්තා විදේශගතව සිටියදී ඔහුගේ නියෝග මත සිදුකළ බව කියන මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම් 12 කට වැඩි සංඛ්‍යාවකට ඔහු සම්බන්ධ බව පොලිස් වාර්තා මගින් අනාවරණය වී ඇත. මෙලෙස පරීක්ෂණයට ලක්ව ඇති නඩු අතර 2022 මැයි සහ දෙසැම්බර් අතර කාලය තුළ වාර්තා වූ වෙඩි තැබීම් මාලාවක් ද වේ.
පොලිස් වාර්තාවලට අනුව, ඩුබායි හි සිට ක්‍රියාත්මක වන අතරතුර සිදුකළ මෙම මනුෂ්‍ය ඝාතන සහ ඝාතන තැත් කිරීම් මාලාව මෙහෙයවා ඇති අතර ඊට අවශ්‍ය මුල්‍ය පහසුකම් ද සපයා ඇත්තේ ලහිරු නමැත්තා විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart