
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර නැවත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔක්තෝබර් 23 වැනිදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර සංවාදයක් ඇතිවී තිබේ.
ආණ්ඩු පක්ෂය මතු කළ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ යෝජනාව සංශෝධනය කර නැවත ඉදිරිපත් කළ යුතු බව කාරක සභාවේදී තීරණය වී ඇත. සංශෝධිත යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය නොවැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ආණ්ඩුව සූදානම් බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක දැනුම් දී තිබේ.
කාරක සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් චෝදනා කර ඇත්තේ, අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩ තහනමකට ලක්වූ පුද්ගලයකුගේ අවශ්‍යතාව මත බාහිර පාර්ශ්වයක් විසින් සකස් කර ඇති බවයි. එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇතැයි පැවසෙන්නේ, යෝජනාව සකස් කිරීමේදී වෙනත් බාහිර පාර්ශ්වයක මැදිහත්වීමක් සිදුව නොමැති බවයි.
එමෙන්ම, යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි පරීක්ෂා කර සකස් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා බවද විපක්ෂ නායකවරයා සඳහන් කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, ස්ථාවර නියෝගවලට අනුකූල නොවන බවට කරුණු මතු වූ යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කළ මෙම පැහැදිලි කිරීමත් සමඟ කාරක සභාව තුළ කෙටි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ. අනතුරුව එහි හාස්‍යජනක වාතාවරණයක් ද මතුවී තිබේ.
විශ්වාසභංග යෝජනාව සංශෝධනය කර නැවත ඉදිරිපත් කිරීමට සිදුවීම විපක්ෂයට දේශපාලනික වශයෙන් අවධානය යොමුකළ යුතු තත්ත්වයක් වී ඇත. විශේෂයෙන්ම, යෝජනාව සකස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය මතුකළ චෝදනා සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රතිචාරය හේතුවෙන් මෙම සිද්ධිය පාර්ලිමේන්තු දේශපාලනයේ කතාබහට ලක්ව තිබේ.
සංශෝධිත විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 03 වැනිදා විවාදයට ගැනීමට නියමිත අතර, එහිදී විපක්ෂය කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාර පිළිබඳ අවධානය යොමුවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart