
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය සහ පාකිස්ථානය යා කෙරෙන ප්‍රධාන දේශසීමා පර්යන්ත දෙකක් එකවර වසා දැමීමත් සමඟ පාකිස්ථානය තුළ දැඩි ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) හිඟයක් නිර්මාණය වී ඇති බවත්, මින් ගෑස් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවත් දේශීය වෙළෙඳ සංගම් වාර්තා කරයි.
පසුගිය ඔක්තෝබර් 17 වනදා මෙලෙස හදිසියේ වසා දමනු ලැබුවේ ගාබ්ඩ්-රිම්දාන් සහ තෆ්තාන් යන දේශසීමා තොටුපළවල්ය. මෙම තීරණය සම්බන්ධයෙන් දෙරටින් පළවන්නේ පරස්පර ප්රකාශයන්ය. ජාවාරම් මර්දනය හා ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගත් බව පාකිස්ථානයේ බලෝචිස්ථාන ප්‍රාදේශීය රජය පවසද්දී, ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම වසා දැමීම සිදුවූ බවයි.
පාකිස්ථාන LP ගෑස් සංගමයේ දත්තවලට අනුව, පාකිස්ථානය දිනපතා ඉරානයෙන් LPG මෙට්‍රික් ටොන් 7,000 ක් පමණ ආනයනය කරයි. ග්වාඩර් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති ෂම්සුල් හක් සඳහන් කළේ ගාබ්ඩ්-රිම්දාන් පර්යන්තය හරහා පමණක් දිනකට මෙට්‍රික් ටොන් 4,000 කට අධික ප්‍රමාණයක් රට තුළට ගෙන එන බවයි.
ඉරානයට යැවීමට අර්තාපල්, කෙසෙල් සහ සහල් පටවන ලද පාකිස්ථාන කන්ටේනර් රථ 1,000 කට වැඩි ප්‍රමාණයක් ද දේශසීමාවේ සිරවී ඇති බව ඔහු තහවුරු කළේය. කෙසේ වෙතත්, නාස්ති විය හැකි ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ගාබ්ඩ්-රිම්දාන් පර්යන්තය බදාදා දින නැවත විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සැපයුම් බාධාව හේතුවෙන් දින කිහිපයක් ඇතුළත කිලෝග්‍රෑම් 12 ක LP ගෑස් සිලින්ඩරයක මිල පාකිස්ථාන රුපියල් 4,500 සිට රුපියල් 7,000 දක්වා ඉහළ ගොස් ඇත. දේශසීමා අර්බුදයට ඉක්මන් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ව්‍යාපාරිකයෝ අනතුරු අඟවති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart