October 26, 2026

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට, එනම් 2026 ඔක්තෝබර් 27 වන අඟහරුවාදා දින දිවයින පුරා පිහිටි සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ආරක්ෂිත පූර්වෝපායක් ලෙස ගෙන ඇති මෙම තීරණය ඔක්තෝබර් 27 වන දිනට පමණක් බලපැවැත්වෙන බව එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේය.

කෙසේ වෙතත්, පාසල් වසා තැබුණද අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කළ කාලසටහනට අනුවම පැවැත්වෙන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.