
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවයේ නිරත තරුණියන් පිරිසකට සිදු කරන ලදැයි කියන ලිංගික හිරිහැරවලට අදාළ කරන විමර්ශන අනුව ගෘහ පාලන සහායකයකුගේ වැඩ තහනම් කර ඇත.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන සහායකයකු ලෙස වසර 06ක් සේවය කරන මේ සේවකයාගේ වැඩ තහනම් කිරීම ඊයේ (25) සිදුකර තිබේ.
මෙම සිද්ධියට අදාළව ගෘහපාලන සහකාර කළමනාකාරවයකු වැඩ තහනමට ලක්කිරීම මීට පෙර අවස්ථාවකදී සිදු කෙරිණි.
ඒ අනුව මේ සිදුවීම පදනම් කරගනිමින් මේ වන විට පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.
මේ සිදුවීම සම්බන්ධයෙන් හිංසනයට පත් තරුණියන් 15කට අධික පිරිසක් පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර, එහි මූලික විමර්ශන මේ වන විට අවසන් බව වාර්තා වේ.
ගෘහ පාලන අංශයේ සේවිකාවන්ගෙන් මෙන්ම සේවකයන්ගෙන්ද සාක්ෂි සටහන් කරගැනීම සිදු කර ඇති අතර, මේ විමර්ශන වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධනටද භාර දීමට නියමිත ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින්ද විමර්ශනයක් ආරම්භ කරන බව එහි සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මීට පෙර සඳහන් කළාය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart