October 26, 2026

බ්‍රසීලයේ පැවැති ජනාධිපතිවරණයෙන් යළි සිය බලය තහවුරු කර ගත් එරට ජනාධිපති ලූලා ද සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ බ්‍රසීල ජනතාව ලබාගත්තේ හුදු මැතිවරණ ජයග්‍රහණයක් පමණක් නොව, ඔවුන් දූෂණය, බෙදීම් සහ දේශපාලනික අසත්‍යයන්ගේ බලවේග පරාජය කිරීමට සමත්ව ඇති බවයි.

”ලූලා ද සිල්වා සහෝදරයා ලබාගත් මෙම ඓතිහාසික ජයග්‍රහණයෙන් පැහැදිලි වන්නේ, බංකොලොත් දේශපාලන පරම්පරාවලට මෙන්ම ‘සාධාරණත්වයට වඩා බලය බලවත්’ යැයි විශ්වාස කරන අතීතයේ අතනොහරින බලවේගවලට තවදුරටත් ජනතාව රැවටීමට නොහැකි බවයි.”

”ප්‍රගතියේ පෙරගමන්කරුවා ලෙස නැවත වරක් පෙරමුණ ගැනීම පිළිබඳව ඔබට මාගේ උණුසුම් සුභ පැතුම්!” යනුවෙන් එහි වැඩිදුරටත් සටහන් කර තිබේ.