
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන ජනාධිපති ෂී ජින්පින් හාස්‍යයට ලක් කළ තායිවාන ජාතික ප්‍රහසන ශිල්පියෙකුට එල්ල වූ ප්‍රහාරයක් පිටුපස බීජිං පාලනය සිටින බවට තහවුරු වීමත් සමඟ, සංවිධානාත්මක පාතාල කල්ලි යොදාගනිමින් චීනය සිදුකරන රාජ්‍ය විරෝධී මර්දනයන් පිළිබඳව තායිවාන ආරක්ෂක අංශ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
තායිවානය සිය අයිතිවාසිකම් පවසමින් ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීමට උත්සාහ කළද, චීනය විසින් තායිවානය තමන් සතු භූමියක් ලෙස සලකනු ලබයි.
මෙම තත්ත්වය හමුවේ, චීන රජය විසින් බෙදුම්වාදීන් හෝ දේශපාලනික වශයෙන් සැකකටයුතු පුද්ගලයන් ලෙස හඳුන්වනු ලබන තායිවාන ජාතිකයන් ඉලක්ක කරගනිමින් බීජිං පාලනය නොයෙකුත් කුප්‍රකට උපක්‍රම භාවිත කරන බවට තායිවානය චෝදනා කරයි.
තායිවාන පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එරට ජාතික ආරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් සෙයි මින්-යෙන් සඳහන් කළේ, අදාළ විකට ශිල්පියාට එල්ල වූ ප්‍රහාරය වැනි සිදුවීම් සඳහා සහාය දක්වන දේශීය ජාලයන් බොහොමයක් සංවිධානාත්මක පාතාල කල්ලි හෝ පාතාලය හා සම්බන්ධ පුද්ගලික විමර්ශන ආයතන බවයි.
“මෙම ක්‍රියාවන් පිටුපස සිටින පුද්ගලයන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ උපදෙස් සහ මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේද යන්න පිළිබඳව ජාතික ආරක්ෂක කාර්යාංශයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. මෙවැනි මුළු මහත් අපරාධ කල්ලි සහ ඒවායේ ජාලයන් සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දැමීම අපගේ ප්‍රධාන ඉලක්කයයි,” යනුවෙන් සෙයි මින්-යෙන් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් සහ අදාළ විකට ශිල්පියාට සිදුවූ ප්‍රහාරය පිළිබඳව චීනයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart