
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ සාම්ප්‍රදායික සරත් උත්සව සමයේ පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීම් සීඝ්‍ර ලෙස පහත වැටීමත් සමඟ එරට ජනතාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අවිනිශ්චිතතාව මතු වී තිබේ.
වෙළෙඳුන් විශාල ලෙස මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබුණද, බොහෝ භාණ්ඩ අලෙවි නොවී ඉතිරි වී ඇත.
උත්සව සමය වෙනුවෙන්ම සූදානම් කර තිබූ අධික මිලගණන් සහිත තෑගි පාර්සල්, උසස් තත්ත්වයේ මත්පැන් සහ රසකැවිලි වර්ග මිළදී ගැනීම පාරිභෝගිකයන් විසින් කැපී පෙනෙන ලෙස ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රට පුරා වෙළඳසැල්වල එම භාණ්ඩ අලෙවි නොවී ගොඩගැසී පවතී.
වෙළඳපොළෙහි දක්නට ලැබෙන මෙම මන්දගාමීත්වය මගින් එරට ගෘහස්ථ ආර්ථිකයේ සිදුව ඇති බරපතල පසුබෑම පෙන්නුම් කරයි. රැකියාවල සුරක්ෂිතභාවය පිළිබඳ පවතින බිය, දේපළ වෙළඳපොළේ මන්දගාමීත්වය සහ ආදායම් වර්ධනය අඩාල වීම හේතුවෙන් චීන පවුල් අත්‍යවශ්‍ය නොවන වියදම් සීමා කිරීමට පෙළඹී සිටිති.
ආර්ථික පසුබෑමට අමතරව, නිෂ්පාදනවල ප්‍රමිතිය බිඳවැටීම හේතුවෙන් මහජනතාව අතර දැඩි විරෝධයක්ද නිර්මාණය වී ඇත.
විශේෂයෙන්ම උත්සව සමයේ අලෙවි වූ ‘මූන්කේක්’ නැමැති සාම්ප්‍රදායික කැවිලි වර්ගය තුළ යකඩ තල, ඇණ වැනි ආගන්තුක හානිකර ද්‍රව්‍ය අඩංගු වී තිබූ බවට පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල විය.
මෙම උත්සව සමයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ආයතනික සේවා ස්ථාන කරාද ව්‍යාප්ත විය.
චීනයේ ප්‍රමුඛ පෙළේ විදුලි රථ නිෂ්පාදන සමාගමක් වන BYD ආයතනයේ සේවකයන්, ආයතනය විසින් උත්සව සමය වෙනුවෙන් ලබාදුන් අවම වරප්‍රසාද සහ බාල තත්ත්වයේ තෑගි පාර්සල් විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන් රැසක් දැඩි අවධානයට ලක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart