
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන යුද්ධයේ ප්රතිවිපාක හමුවේ දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙන හෝමූස් සමුද්ර සන්ධිය ආසන්නයේදී ප්රහාරයකට ලක්වූ බහාලුම් ප්රවාහන නෞකාවක් සහ වියලි භාණ්ඩ ප්රවාහන නෞකාවක් ගිලී ගොස් ඇති බව සමුද්රීය බලධාරීහු තහවුරු කළහ.
ඇමරිකාව විසින් ඉරාන වරාය වෙත සිදු කරන නාවික ගමනාගමන සඳහා සීමා පැනවීම සහ පසුගිය මාසයේදී පනවන ලද දැඩි සම්බාධකවලට ප්රතිචාර වශයෙන් ප්රහාර උග්ර කරන බව ඉරානය ප්රකාශ කිරීමත් සමඟ, පසුගිය දින 10 තුළ මෙම නාවික මාර්ගය ආශ්රිතව එල්ල වන ප්රහාරවල වර්ධනයක් දක්නට ලැබේ.
සමුද්රීය ආරක්ෂක ආරංචි මාර්ගවලට අනුව, සිංගප්පූරු ධජය යටතේ යාත්රා කළ අඩි 20 ප්රමාණයේ බහාලුම් 2,824 ක ධාරිතාවයකින් යුතු ‘GFS Pride’ නෞකාව සමුද්ර සන්ධිය හරහා යාත්රා කරමින් තිබියදී ප්රහාරයට ලක්ව ගිලී ගොස් ඇත.
“GFS Pride නෞකාව හානියට පත්ව ගිනිගැනීමකින් පසු ගිලී ගියා. එහි සිටි නැවියන් 21 දෙනාම සුරක්ෂිතව මුදාගෙන තිබෙනවා. කිසිවෙකුටත් හානියක් වී නැහැ,” යනුවෙන් සිංගප්පූරු සමුද්රීය හා වරාය අධිකාරිය නිවේදනය කළේය.
මීට අමතරව, ඇන්ටිගුවා සහ බාබුඩා ධජය යටතේ ධාවනය වූ ‘Cape Dao’ නෞකාව ද සැප්තැම්බර් 23 වන දින එල්ල වූ ප්රහාරයකින් පසු හෝමූස් සමුද්ර සන්ධිය ආසන්නයේදී ගිලී ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ජාත්යන්තර සමුද්රීය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි. එම ප්රහාරයෙන් නෞකාවේ සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අන් සියලුදෙනා වහාම මුදාගැනීමට කටයුතු කර තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart