
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ පැවැති මතභේදාත්මක ගැටුම් පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය 2026 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
එවකට පැවැති ආණ්ඩුව ඇයට චෝදනා කළේ ඇගේ, ජාතිකත්වය හේතුවෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය වෙත පක්ෂපාතීත්වයක් දක්වන බවත්, එම සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා නොසලකා හරින බවත්ය.
ඇය 2013 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර, රජයේ ඇතැම් ආධාරකරුවන්ගේ විරෝධතා මැද උතුරු පළාතේ සංචාරය කළාය. එම සංචාරය අතරතුර එවකට 72 වැනි වියේ පසුවූ ඇයට, එවකට මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වාගෙන් මංගල යෝජනාවක් පවා ලැබිණි. ඇයගේ වයස දැන් අවුරුදු 85කි.
ඇගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඉදිරිපත් කරන ලද දැඩි විවේචනාත්මක වාර්තාව මගින්, ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන අන්තර්ජාතික මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා අන්තර්ජාතික පරීක්ෂණ යාන්ත්‍රණයක් පිහිටුවීමට නිර්දේශ කළ අතර, එය රාජපක්ෂ පාලනය සමඟ ඇය දැඩි ලෙස ගැටීමට හේතුවිය.
දකුණු අප්‍රිකාවේ උපත ලද නවී පිල්ලේ 2008 සැප්තැම්බර් සිට 2014 අගෝස්තු දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ලෙස කටයුතු කළ නමුත්, ඇගේ වෘත්තීය ජීවිතය වසර 50 කට පරාසයකට විහිදේ. ඒ තම මව්බිමේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කිරීමේ සිට යුද ගැටුම් පවතින ප්‍රදේශවල සිවිල් වැසියන් ආරක්ෂා කිරීම දක්වාය.
නොබෙල් කමිටුව දකුණු අප්‍රිකානු දෙමළ සම්භවයක් සහිත ඇයව හඳුන්වා දුන්නේ “විශිෂ්ට ධෛර්යයෙන් සහ අඛණ්ඩතාවයෙන් යුතුව වඩාත් විස්තීර්ණ ගෝලීය නෛතික පද්ධතියක් කරා මග පෙන්වූ” තැනැත්තියක ලෙසයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart