
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර, වස්කඩුව ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් කැලණිය විශ්වවිද්‍යාලයේ 21 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබමින් සිටි සිතුම් සංකල්ප නමැති සිසුවෙකි.
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් යතුරුපැදි මගින් ගාල්ල දෙසට චාරිකාවක් යමින් සිටියදී එක් සිසුවෙකු මෝටර් බයිසිකලයෙන් ඇදවැටී, ඉදිරියෙන් පැමිණි පාසල් බස් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මූලික පරීක්ෂණවලට අනුව, අදාළ සිසුවා තම මිතුරන් පස්දෙනෙකු සමඟ කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී ඔහුගේ යතුරුපැදිය මාර්ගයෙන් දකුණු පසට විසිවී ඔහු මාර්ගයට ඇදවැටී ඇත.
එහිදී ඉදිරිපසින් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක පසුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවූ ස්ථානයේදීම සිසුවා මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
අනතුර හේතුවෙන් ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගත් අතර, පසුව පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළේය.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart