
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා වන පුහුණු තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර තිබේ.
ඊට තරග 10ක් ඇතුළත් අතර සෑම කණ්ඩායමකටම පුහුණු තරග දෙක බැගින් හිමිව ඇත.
ඉන්දියාවේ ක්‍රීඩාංගණය 03 කදී මෙම තරග සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 03වැනිදා දක්වා පැවැත්වේ.
පළමු පුහුණු තරගය සැප්තැම්බර් 29වැනිදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගුහාති හිදී පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 03වැනිදා ඇෆ්ගනිස්තානය සමග ශ්‍රී ලංකාව දෙවන පුහුණු තරගයට ක්‍රීඩා කරයි.
සැප්තැම්බර් 29වැනිදා පාකිස්තානය නවසීලන්තය සමගත් දකුණු අප්‍රිකාව ඇෆ්ගනිස්තානය සමගත් තරග වදිනු ඇත.
ඉන්දියාව සහභාගි වන පළමු පුහුණු තරගය සැප්තැම්බර් 30වැනිදා එංගලන්තය සමගත්, දෙවන පුහුණු තරගය ඔක්තෝබර් 03වැනිදා නෙදර්ලන්තය සමගත් පැවැත්වේ.
එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේදි ඔක්තෝබර් 05වැනිදා ආරම්භ වන අතර එදින එංගලන්තය සහ නවසීලන්තය තරග වදිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart