
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේව අපහාසය සිදුකිරීමේ වරදකට සිරදඬුවම මරණ දඬුවම දක්වා වෙනස්කරන ලද ශ්‍රී ලාංකිකයකු වන අෙනෝජන් සිවරාසා නිදහස් කර ගැනීම හෝ ඔහුට හිමි දඬුවම ලිහිල් කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය අවසන් කිරීමට නීතිඥයන් හමුවීමට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අසාද් නවාවිගේ ප්‍රධානත්වයෙන් යුත් සිව්දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක් ලබන අඟහරුවාදා සෞදි අරාබිය බලා පිටත්ව යනු ඇත.
ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන සාමාජිකයන්ගෙන් සමන්විත මෙම නියෝජිත පිරිස, මෙම ගැටලුව සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබාගන්නේ කෙසේදැයි සොයාබැලීම සඳහා සෞදි බලධාරීන් හමුවීමට ද සැලසුම් කර ඇත.
නීතිඥ නවාවි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා ඇත්තේ, මෙම නඩුව මෙහෙයවන නීති ආයතන දෙකක නියෝජිතයන් හමුවී ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලිය සඳහා වන ලේඛන අවසන් කිරීමට කටයුතු කරන බවයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ නීති ආයතනවල සේවය ලබාගෙන තිබේ.
මේ අතරවාරයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමාවයැදීමේ අභියාචනයක්ද රැගෙන පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්ද සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart