
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව කුරුණෑගල වනජීවී සහකාර අධ්යක්ෂ කාර්යාලයේ සහ කල්පිටිය වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් එක්ව කල්පිටිය නගරයේ සිදුකළ වැටලීමකදී දුර්ලභ ගණයේ මුහුදු බෙල්ලන් 20 දෙනකු අලෙවි කිරීමට තැත්කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව තිබී දුර්ලභ ගණයේ මුහුදු බෙල්ලන් විශේෂ දෙකකට අයත් ‘ශ්රී ලංකා මැප් කවුරි’ (Sri Lanka Map Cowries) 10 දෙනකු සහ ‘ටයිගර් කවුරි’ (Tiger Cowries) 10 දෙනකු සොයාගෙන ඇති අතර, ඔහු ඒවා අලෙවි කිරීමට සූදානම් වෙමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ ඔක්තෝබර් 05 වනවැනිදා කල්පිටිය සංචාරක මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart