
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගල නායකයන් මත පදනම් වනවාට වඩා ශක්තිමත් පක්ෂ ආයතනික පද්ධතීන් ගොඩනැගීමේ වැදගත්කම පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වුණු “යුරෝපීය ජාත්‍යන්තර වටමේස සාකච්ඡාව” ඇමතීමට එක්වෙමිනි.
කොන්රාඩ්-අඩෙනාවර්-ස්ටිෆ්ටුන්ග් (KAS) ආයතනය සහ දේශපාලන පදනම් පිළිබඳ යුරෝපීය ජාලය (ENoP) එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එහි සමාරම්භක සාකච්ඡාවට එක්වෙමින්, කුඩා ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලන පක්ෂ මුහුණ දෙන අභියෝග පිළිබඳව ශ්‍රී ලාංකේය දෘෂ්ටිකෝණය ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා, ඉන්දියන් සාගරයේ මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ඉහළ උපායමාර්ගික වැදගත්කමක් බව පෙන්වා දුන්නේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇති බහු-ජාතික සහ බහු-ආගමික විවිධත්වය රටේ විශාලතම ශක්තියක් බවත්, සමාජය බෙදා වෙන් කිරීමට උත්සාහ කරන පාර්ශ්වයන්ගෙන් එය ආරක්ෂා කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
දේශපාලන පක්ෂ වඩාත් ශක්තිමත් විය යුතු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව ද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සත්‍ය තොරතුරු තහවුරු කිරීමේ හැකියාව සීමිත මට්ටමක පවතින සිංහල සහ දෙමළ වැනි ප්‍රාදේශීය භාෂාවන්ගෙන්, සමාජ මාධ්‍ය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ ප්‍රචාරය වන නොමඟ යවන සුළු මෙන්ම හැඟීම්බර අන්තර්ගතයන්ට එරෙහිව කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. එමෙන්ම, මැතිවරණ සමයේදී පමණක් නොව අනෙකුත් කාලවලදී ද පක්ෂවලට ලැබෙන මුල්‍ය ප්‍රතිපාදනවල පාරදෘශ්‍යභාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ශක්තිමත් පක්ෂ පද්ධති, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය, පුහුණු කිරීම් සහ තරුණ නායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සහාය වන ලෙස කාවින්ද ජයවර්ධන යුරෝපීය පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. තවද, ප්‍රාදේශීය භාෂාවලින් තොරතුරු තහවුරු කිරීමේ හැකියාව සහ ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කිරීමට සහාය වන ලෙසත්, ශ්‍රී ලංකාව වැනි රටවල් සමඟ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart