
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත දෙකක් ඉලක්ක කරගනිමින් පාකිස්තානය විසින් ඊයේ රාත්‍රී කාලයේ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර, එමගින් කාන්තාවන් සහ ළමයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිවිල් වැසියන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්තානය ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශය පැවසුවේ ත්රස්තවාදීන් සැඟව සිටි ස්ථාන දෙකක් ඉලක්ක කරගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරවලින් ත්රස්තවාදීන් 22 දෙදෙනෙකු මියගොස් ඇති බවට මූලික වාර්තා සනාථ කරන බව පවසයි. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන මෙම මරණ සංඛ්‍යාවන් ස්වාධීනව තහවුරු කරගෙන නොමැත.
වසර මුලදී දෙරට අතර හට ගත් දැඩි නොසන්සුන්තාවත් සමඟ පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානය තුළට අවස්ථා කිහිපයකදීම මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද දෙරට අතර නැවතත් දේශසීමා ගැටුම් වර්ධනය වෙමින් පවතින පසුබිමකය.
දීර්ඝ කාලයක සිට පවතින දේශසීමා ත්‍රස්ත ක්‍රියාකාරකම් මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත. එක්සත් ජාතීන්ගේ ඇෆ්ගනිස්තාන මෙහෙයුම් කාර්යාලය පසුගිය සතියේ වාර්තා කළේ මේ වසර තුළ දේශසීමා හරහා සිදුවූ ප්රචණ්ඩත්වයන් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන් 1,100 කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි.
සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම පාකිස්තානය ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් පවසන්නේ පාකිස්තානය තුළ ප්‍රහාර එල්ල කරන ත්රස්තවාදීන් පමණක් ඉලක්ක කරන බවයි. එමෙන්ම ත්රස්තවාදීන්ට නවාතැන් දෙන බවට නැගෙන චෝදනා ද ඇෆ්ගනිස්තානය ප්‍රතික්ෂේප කරයි.
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් පැවසුවේ, දකුණු හෙල්මන්ඩ් ප්‍රාන්තයේ සහ නැගෙනහිර කුනාර් ප්‍රාන්තයේ සිවිල් නිවාස ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවයි. එමගින් නිවාස 3 ක් විනාශ වී ඇති අතර කාන්තාවන් සහ ළමුන් 9 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇත.
“අපි මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිනවා. මෙය ආක්‍රමණශීලී ක්‍රියාවක් මෙන්ම සර්වජන පිළිගත් සියලු ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කිරීමක් ලෙස අප සලකනවා,” යනුවෙන් මුජාහිඩ් වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart