
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට රුපියල් ට්‍රිලියන 1.86 ක දැවැන්ත ආයෝජනයක්
ඉන්දියාවේ පවතින විදුලි බල පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බලශක්ති ගබඩා කිරීමේ පහසුකම් ප්‍රසාරණය කිරීම අරමුණු කරගනිමින් රුපියල් ට්‍රිලියන 1.86 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඉන්දීය තොරතුරු අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.
රජයේ නිල නිවේදනයකට අනුව, මෙහි රුපියල් ට්‍රිලියන 1.36 ක ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේ ප්‍රාන්ත අභ්‍යන්තර විදුලි ප්‍රේෂණ පද්ධතිය බලගැන්වීම සඳහා ය. එමගින් පිරිසිදු බලශක්ති ගිගාවොට් 135 ක් දක්වා ප්‍රමාණයක් ප්‍රධාන විදුලි පද්ධතියට එක් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මාසිකව එක්වන පුනර්ජනනීය බලශක්ති ධාරිතාවට සරිලන පරිදි විදුලි ප්‍රේෂණ ජාලය වර්ධනය කරගැනීමට ඉන්දියාව මුහුණ දෙමින් සිටි අභියෝග හමුවේ මෙම අනුමැතිය හිමිවීම විශේෂත්වයකි.
මීට අමතරව, ගිගාවොට් පැය 50 ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 500 ක දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයක් ද ඉන්දියාව විසින් නිවේදනය කර ඇත. දහවල් කාලයේදී උත්පාදනය වන පිරිසිදු බලශක්තිය පසුව භාවිතයට ගැනීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිකම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
දැනට ගිගාවොට් 304 ක් ලෙස පවතින ඉන්දියාවේ ෆොසිල නොවන ඉන්ධන මත පදනම් වූ විදුලි ධාරිතාව, 2030 වසර වන විට ගිගාවොට් 500 දක්වා ඉහළ නැංවීම ඉන්දියාවේ ප්‍රධාන ඉලක්කය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart