
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කෙරී ඇත.
වින්ඩ් ෆෝස් (WindForce Plc.), ලක්ධනවි (Lakdhanavi) සහ සිංගප්පූරුවේ බ්ලූ සර්කල් (The Blue Circle) යන පාර්ශ්වයන්ගේ එකමුතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
පොසිල ඉන්ධන මත ක්‍රියාත්මක වන විදුලිය මත යැපීම අවම කිරීමට විකල්පයක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.
මේ සදහා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හෙක්ටෙයාර් 200කින් යුත් භූමියක් තෝරා ගෙන ඇති අතර මෙය නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ලෙසයි. එහි ධාරිතාව ලෙස සදහන් වන්නේ මෙගාවොට් 100කි.
පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද තරගකාරී අන්තර්ජාතික ටෙන්ඩරයකින් පසු එම එකමුතුව මෙම කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත.
එම ලංසු තැබීමෙන් පසු මාස 08ක් තුළ එම කටයුතු අවසන් කිරීම සංවර්ධකයින්ගේ ප්‍රශංසාවට ලක් වී තිබේ.
රජයේ ස්ථාවරය වන්නේ 2023 වසර වන විට මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදන කොටස 50% සිට 70% දක්වා ඉහළ නැංවීමට යි.
මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක්, පැයට මෙගාවොට් 12ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක්, උප ජාල පෙළක් සහ විස්තීර්ණ ප්‍රේෂණ මාර්ගය බාධාවකින් තොරව ඒකාබද්ධ කරමින් මෙම සම්පූර්ණ ප්‍රවේශය නිර්මාණය වේ.
Wind force plc යනු ශ්‍රී ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලශක්තියේ ප්‍රමුඛයා සහ සංවර්ධකයා වේ.
ශ්‍රී ලංකාවේ අනුබද්ධ ආයතනයක් වන ලක්ධනවි සහ LTL holdings ශ්‍රී ලංකාවේ විශාලතම ස්වාධීන බලශක්ති නිෂ්පාදකයා වන අතර Blue Circle යනු පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන ආයෝජන සමාගමකි.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සමග 20 වසරක බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම ඔක්තෝම්බර් අවසානය වන විට අත්සන් කිරීමට නියමිතව ඇත.
මෙම ව්‍යාපෘතිය සදහා තනි අක්ෂ සූර්ය පැනල 200,000ක් පමණ භාවිත කරන අතර ඉදිකිරීම් අදියරේ නුපුහුණු රැකියා 500ක් පමණ උත්පාදනය වන බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart