September 30, 2026

එයාර්බස් සිද්ධියට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැඩි කොන්දේසි පනවමින් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

ඒ අනුව, රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.

මෙම නියෝගයට අමතරව, මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත වහාම දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

එසේම, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින ලෙසටද සැකකරුට දැඩි කොන්දේසි පනවා ඇත.