September 30, 2026

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හමුවී සුහද සහ ඵලදායී සාකච්ඡාවක නිරත වී තිබේ,

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය, ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා වැඩපිළිවෙලෙහි වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී මහලේකම්වරයා දැනුවත් කිරීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.

මීට අමතරව, සංවර්ධනය වෙමින් පවතින රටවලට අතහිත දීම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකාවෙන් ලැබෙන දායකත්වය පිළිබඳව ද දෙපාර්ශවය අතර මෙහිදී අදහස් හුවමාරු විය.