September 26, 2026

රට නව මාර්ගයක් සඳහා ගෙන යාම වෙනුවෙන් පදනම් සකස් කළ හැකි පළමු අඩිතාලම වන්නේ අධ්‍යාපනය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී වත්මන් රජය යටතේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී පවතින මන්දගාමී ස්වරූපය පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය පලනය යටතේ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග ඔස්සේ අද දක්වා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වා ගෙන යන බවයි.

වත්මන් අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනය සඳහා යම් ප්‍රතිසංස්කරණ ගෙන ඒමට උත්සහ කළ ද ඒවා තවමත් මන්දගාමී බව ද ඔහු ප්‍රකාශ කළේය.

රටේ බුද්ධි ගලනය විශ්ව විද්‍යාල පද්ධතියට ද බලපෑම් එල්ල කර ඇති බව පැවසූ මන්ත්‍රීවරයා සිදු කළ යුත්තේ එම ගැටලුවලට විසඳුම් සෙවීම බව ද පැවසුවේය.

උසස් පෙළ හදාරා පාසල් හැර යන දරුවන් උසස් අධ්‍යාපනය වෙනුවෙන් යොමු නොවී විවිධ සුළු රැකියා සොයා යාම රටේ අනාගතය භයානක තත්වයකට ඇද වැටීමක් පෙන්නුම් කරන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.