September 29, 2026

රු. මිලියන 21 ක විශ්වාසය කඩකිරීමේ චෝදනාවකට අදාළව ගොනුකර තිබූ නඩුවකින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරිය සඳහන් කළේ, උදය ගම්මන්පිලට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළාය.

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ට අයත් සමාගම් කොටස් ව්‍යාජ බලපත්‍රයක් භාවිත කරමින් නීතිවිරෝධී ලෙස අලෙවි කළ බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩුව සමයේදී මෙම නඩුව ගොනුකර තිබිණි.

එම ගනුදෙනුව හරහා රුපියල් මිලියන 21 කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ වරද සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි.