September 28, 2026

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

මෙම පෙත්සම් දෙක ගොනුකර තිබුණේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක විසිනි.

ඉන් එක් පෙත්සමකින් ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කර තිබිණි.

අනෙක් පෙත්සම මගින් සිරිල් ගාමිණී පියතුමන් විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක ඇතුළත් කරුණු මගින් ද අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කර තිබිණි.