
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) ඊයේ ප්‍රකාශ කළේ, කුලී මිලදී ගැනීම් හෝ කල්බදු ගිවිසුම්(ලීසිං) යටතේ පවතින වාහන සඳහා රක්ෂණ හිමිකම් ගෙවීම සඳහා මූල්‍ය ආයතනවලින් විරෝධතා නොමැති බව දැක්වෙන ලිපි(‘No-objection’ letters) නොඉල්ලන ලෙස රක්ෂණ සමාගම්වලට දැනුම් දී ඇති බවයි.
රක්ෂණ නියාමන කොමිෂන් සභාව පෙන්වාදෙන ආකාරයට, මෝටර් රථ රක්ෂණ ගිවිසුම්වල සඳහන් වන්නේ කුලී මිලදී ගැනීමේ/බදු ගිවිසුම් යටතේ මෝටර් රථ සඳහා වන අර්ධ අලාභ හිමිකම් ඔප්පු හිමියන්ට ගෙවිය යුතු බවයි.
රක්ෂණ හිමිකම් ලබාගැනීම සඳහා මූල්‍ය ආයතනවලින් විරෝධතා රහිත ලිපි ලබා දෙන ලෙස රක්ෂණ ඔප්පු හිමියන්ට බලකළ අවස්ථා පිළිබඳව තම ආයතනයට වාර්තාවී ඇති බව කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෝටර් රථ රක්ෂණ ගිවිසුම් නිකුත් කරන රක්ෂණ සමාගම්වලට දන්වා ඇති අතර, රක්ෂණ හිමිකම් ගෙවීමට, වාහනවල මූල්‍ය ආයතනවලින් ‘විරෝධතා’ ලිපි ඉදිරිපත් කරන ලෙස එවැනි රක්ෂණ හිමියන්ගෙන් ඉල්ලා නොසිටින ලෙසය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart