
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ කාලවලදී විවිධ රටවලින් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පත් කරනු ලැබුව ද රටක් ලෙස ප්රතිපත්තියක සිට කටයුතු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කටයුතු කිරීමේදී ආත්ම ගෞරවය සහ ඍජු බව ඉතා වැදගත් බවයි.
එමෙන්ම මන්නාරම් බොක්ක ආශ්‍රිතව සොයා ගෙන ඇතැයි පැවසෙන තෙල් නිධි සහ ඒවායෙහි කැනීම් සඳහා සුදුසු ආයෝජකයින් සොයා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමට සූදානම් වීම පිළිබඳව පළ වන වාර්තා සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළේය.
ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩු වෙනස්වීමත් සමග කරළියට පැමිණෙන මෙරට ඇතැයි පැවසෙන තෙල් නිධි කැනීම් කටයුතුවලට සාපේක්ෂව රටට වැදගත් වන්නේ ස්වභාවධර්මයෙන්ම හිමිව තිබෙන පුනර්ජනනීය බලශක්තිය සහ ඒ ආශ්රිත ආයෝජන බවයි.
රටට ස්වභාවිකව හිමිව ඇති බලශක්ති ප්‍රභව භාවිතයට ගන්නේ ද, නැතහොත් මැදපෙරදිග රටවලින් ගෙන්වන තෙල් මද රඳා පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් රටක් ලෙස සිතාබැලිය යුතු බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම මන්ත්‍රීවරයා යෝජනා කළේ පුනර්ජනනීය බාල්ශක්ති වෙත වැඩිවශයෙන් යොමු නොවී තෙල් මාෆියාවකට හසුවන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart