
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවෙස් බිඳ භාණ්ඩ සොරාගත් සැකකරුවන් තිදනෙකු මතුගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මතුගම ප්රදේශයේ නිවාස දෙකක් බිඳ භාණ්ඩ සොරාගෙන ඇති අතර එම සම්බන්ධව විමර්ශන සිදු කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මතුගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිසේ ප්රධාන සැකකරු ‘හාවා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අතර දෙවන සැකකරු ‘බෙගා’ ලෙසින් හඳුන්වන බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම හාවා නමැත්තා සතුව තිබී හක්කපටස් වර්ගයේ මෙරට නිෂ්පාදිත බෝම්බයක්ද තිබුණු බව පොලිසිය අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart