
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිසිය සතු නිලධාරීන් සඳහා ‘බොඩි කැමරා’ (Body cameras) 500ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර් ලේඛන සකස් කිරීමේදී, ChatGPT තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරු සෘජුවම පිටපත් කර ඇති බවත්, එම මුළු ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ බරපතල අක්‍රමිකතා සිදුව ඇති බවත් ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී වසන්ත මුදලිගේ චෝදනා කරයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් වසන්ත මුදලිගේ පැවසුවේ, අදාළ උපකරණ, ඒවායේ තාක්ෂණික පිරිවිතර සහ මිලදී ගැනීමේ අරමුණු දැක්වෙන කොන්දේසි මාලාව (Terms of Reference – TOR) සකස් කර ඇත්තේ ChatGPT හරහා ලබාගත් තොරතුරු ඇසුරින් බවයි.
මෙම ව්‍යාපෘතියට සම්බන්ධ පුද්ගලයන් බොඩි කැමරා සහ ඊට අදාළ අවශ්‍යතා පිළිබඳව ChatGPT වෙතින් නිර්දේශ ලබාගෙන, එම කෘතිම බුද්ධි (AI) තොරතුරු කිසිදු නිසි සමාලෝචනයකින් හෝ සංශෝධනයකින් තොරව ටෙන්ඩර් ලේඛනයට සෘජුවම එකතු කර ඇති බවටද ඔහු චෝදනා කළේය.
පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් සඳහා බොඩි කැමරා 500ක් සහ ඩොකින් ස්ටේෂන් (Docking stations) 70ක් මිලදී ගැනීමට පොලිස් ප්‍රසම්පාදන අංශය විසින් පසුගිය මාර්තු මාසයේදී ටෙන්ඩර් කැඳවා තිබූ බව ඔහු සඳහන් කළේය.
මෙම උපකරණවල භාවිතය පැහැදිලි කරමින් වසන්ත මුදලිගේ කියාසිටියේ, පොලිස් නිලධාරීන් වැටලීම් සහ මෙහෙයුම් සඳහා සහභාගී වන විට මෙම කැමරා පැළඳ සිටින අතර, එමගින් පටිගත වන වීඩියෝ දර්ශන පසුව අධිකරණයේදී සාක්ෂි ලෙස භාවිත කළ හැකි බවයි. මෙය දැනටමත් විදේශ රටවල සාර්ථකව භාවිත වන ක්‍රමවේදයක් බවද ඔහු පෙන්වාදුන්නේය.
පොලිස් අත්අඩංගුවේ පසුවන්නන් මියයෑම සහ පොලිස් ස්ථාන තුළ සිදුවන හිංසනයන් පිළිබඳව අවධානය යොමුවන වටපිටාවක, මෙවැනි බොඩි කැමරා හඳුන්වාදීම සහ පොලිස් ස්ථාන තුළ CCTV කැමරා සවිකිරීම කාලීන මෙන්ම යහපත් පියවරක් බවද ඔහු පැවසීය.
කෙසේවෙතත්, ගැටලුව ඇත්තේ බොඩි කැමරා හඳුන්වා දීමේ තීරණය තුළ නොව, අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය පවත්වාගෙන ගිය ආකාරය තුළ බව වසන්ත මුදලිගේ සඳහන් කළේය.
රජයට හිතවාදී පුද්ගලයෙකුට වාසි වන පරිදි මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය පක්ෂග්රාහී ලෙස සකස් කර ඇති බවත්, තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙම කැමරා නිසි ලෙස භාවිත කිරීමට නොහැකි වීමේ අවදානමක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එබැවින් මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ සිදුව ඇති බරපතල අක්‍රමිකතා සලකා බලමින්, දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම අහෝසි කර නැවත මුල සිට ආරම්භ කරන ලෙස වසන්ත මුදලිගේ ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart