
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1980 සිට 1990 දක්වා කාලය තුළ ආයුධ ලබා දුන් මන්ත්රීවරුන් බහුතරයක් තවමත් එම ආයුධ ආපසු භාරදී නැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එලෙස ආයුධ ලබාදුන් මන්ත්රීවරුන් 150 දෙනෙකුගෙන් 100කට වැඩි පිරිසක් අද වනතුරු ආපසු ආයුධ ලබාදීමට අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පිළිතුරකින් හෙළිවිය.
මන්ත්රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්ය ආරක්ෂක ඇමැති ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ ආයුධ ආපසු ලබා නොදුන් ඇතැම් මන්ත්රීවරුන් අද වන විට රෝගී තත්වයෙන් පසුවන බවයි.
1989 වසරේ සිට මේ දක්වා කිසිදු මන්ත්රීවරයකුට ස්වයංක්රීය අවියක් ලබාදී ඇද්දැයි අලහප්පෙරුම මන්ත්රීවරයා නැගූ ප්රශ්නයකට පිළිතුරු දුන් රාජ්ය ඇමැතිවරයා කියාසිටියේ එවැනි ආයුධ කිසිදු මන්ත්රීවරයකුට කිසිදු දිනක නිකුත් කර නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart