
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නමැති තරුණයාට රාජකීය සමාව ලබා දී නිදහස් කරගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික ප්රයත්නයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
සැප්තැම්බර් 22 වැනිදා දිනැතිව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ, මෙම තරුණයාගේ තත්ත්වයේ පවතින බරපතළකම සලකා ඔහුව නිදහස් කරගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට හදිසි පියවර ගන්නා ලෙසයි.
ITAK සභාපති සී වී කේ සිවඥානම් සහ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන්ගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින්, සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිත දූත මණ්ඩලය සඳහා එම පක්ෂය නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවේන්ද්රන් කෝඩීස්වරන් නම් කර ඇත.
“මේ තරුණයාට සමාව ලබා දී නිදහස් කරගැනීමේ ඉදිරි මග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔබතුමන් සමඟ හදිසි හමුවක් ලබාගැනීමට අපි මෙම ලිපිය යොමු කරමු,” යනුවෙන් එම පක්ෂය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වේ.
සෞදි අරාබිය බලා පිටත්ව යන දූත මණ්ඩලයක් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කවේන්ද්රන් කෝඩීස්වරන් මෙලෙස නම් කළ බව ද ITAK පක්ෂය පවසයි.
මෙම හමුව සඳහා ජනාධිපතිවරයාගෙන් ඉක්මන් සහ යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් තම පක්ෂය දැඩි නොඉවසිල්ලෙන් පසුවන බවද ITAK පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart