September 24, 2026

මොරටුව, සොයිසාපුර නිවාස සංකීර්ණයේ ‘C’ කොටසේ (Block C) ඊයේ (23) රාත්‍රියේ හදිසියේ ඇති වූ ගිනිගැනීමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

පොලිසියට අනුව, ගින්නට හසුවී තුවාල ලැබූ පුද්ගලයන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

පාලනය කිරීම සඳහා මොරටුව ගිනි නිවීම් ඒකකය මගින් ගිනි නිවන රථ දෙකක් යොදවා තිබිණි.

ගින්නට නිශ්චිත හේතුව තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට මූලික පරීක්ෂණවලදී සැකකෙරේ.