
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව, එරට රාජ්‍ය සංචාරයකට එක්ව සිටින චීන ජනාධිපති ෂී ජින්පිං ඇමරිකාවට ළඟාවී ඇත.
ඔහු විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් 23 වැනිදා පස්වරුවේ වොෂින්ටන් හි තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණ ඇත.
චීන ජනපති බිරිඳ සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික ත්සායි ඡි, විදේශ ඇමති වං යී ඇතුළු පිරිසක් චීන ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති.
එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන මෙලනියා, ෂී ජින්පිං සහ පෙං ලීයුවාන් පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
ෂී ජින්පිංගේ මෙවර ඇමරිකානු සංචාරය සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන අවස්ථාවක් බවත් විශිෂ්ට රාජ්‍ය නායකයෙකු වන ඔහු සමග එක්ව ගැඹුරින් අදහස් හුවමාරු කරගනිමින් දෙරට අතර සබඳතා තහවුරු කරගැනීමට කැමැත්තෙන් පසු වන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී සඳහන් කර ඇත.
මෙහිදී ෂී ජින්පිං ද අවධාරණය කර ඇත්තේ, චීනයත් ඇමරිකාවත් හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් බවට පත්නොවිය යුතු බවයි.
චීන ජාතියේ දැවැන්ත පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම යනු ඇමරිකාවේ විශිෂ්ටත්වය යළි හිමිකර ගැනීමේ අරමුණට පටහැණි වීමක් නොවන බව චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
ට්‍ර්ම්ප් පසුගිය මැයි මාසයේ චීනයේ නිල සංචාරයට එක් වූ අවස්ථාවේදී, ‘සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාව’ ගොඩනැගීමට තමා හා එකඟ වී ඇති බව ද ෂී ජින්පිං සඳහන් කර ඇත.
දෙරට අතර තරගකාරීත්වයක් තිබුණ ද, සහයෝගීතාවය මූලික කරගනිමින් එය නිසියාකාරයෙන් හසුරුවා මතභේද නිසි ලෙස පාලනයක් කරමින්, සාමකාමී ස්ථාවරත්වයක් පවත්වා ගනිමින් නව යුගයට සරිලන ලෙස දෙරට අතර මනා සම්බන්ධතාවයක් ඇතිව ඉදිරියට ගමන් කළ යුතු බවත් ෂී ජින්පිං මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart