
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විද්‍යුත් ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතියේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් සැප්තැම්බර් 25 සිට 28 දක්වා දින හතරක කාලයක් සේවා බිඳවැටීමක් සිදුවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, පද්ධතියේ කාර්යක්ෂමතාව, ස්ථාවරත්වය, විශ්වසනීයත්වය සහ දිවයින පුරා සේවා ලබාදීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම යාවත්කාලීන කිරීම සිදුකෙරේ.
දිවයිනේ සියලු පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්ගෙන් මෙම දින හතරක පද්ධති අක්‍රිය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සේවා බිඳවැටීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සැප්තැම්බර් 24 වැනිදා විද්‍යුත්, මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ත්‍රෛභාෂා මාධ්‍ය නිවේදනයක් ප්‍රකාශයට පත් කරන ලෙසද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.
පද්ධති යාවත්කාලීන කිරීම සැප්තැම්බර් 25 සිට 28 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart