
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ගෝල්ෆේස් පිටියේදී 13 හැවිරිදි බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියකට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටින සැකකරුවෙකු හඳුනාගැනීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
පොලිසියට අනුව, මෙම අදාළ සිදුවීම 2026 ජනවාරි 23 වැනි දින කොටුව පොලිස් බලප්‍රදේශය තුළ සිදුවී ඇත.
අදාළ දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දැනට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
අවශ්‍ය කර සිටින සැකකරුගේ සැකසූ රූප සටහනක් ද පොලිසිය විසින් නිකුත් කර ඇති අතර, එම පුද්ගලයා හඳුනාගැනීමට සහ සොයාගැනීමට සහාය වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සැකකරු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 071-8591560 ඔස්සේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත හෝ 011-2432635 ඔස්සේ කොටුව පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart