
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරේ පැවැති එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජික තිලීපන් අනුස්මරණ උත්සවයකට පාසල් ළමුන් සම්බන්ධ කර ගැනීමට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ අද රජයෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේදී මෙම කාරණය මතුකරමින් මන්ත්‍රී මඩුගොඩ කියාසිටියේ පාසල් වේලාවන් තුළදී පාසල් නිල ඇඳුමින් සැරසී මෙම උත්සවයට පාසල් ළමුන් සහභාගී වී ඇති බවයි.
“යම් වරදක් සිදුවී ඇත්නම් ඊට අදාළ පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව ගන්නා පියවර මොනවාදැයි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් දැනගැනීමට කැමතියි” යැයිද ඔහු පැවසීය.
එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අනුස්මරණය කරමින් උතුරේ පිළිරූ ඉදිකරන්නේ මන්දැයි ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික බාල්රාජ් වීරයෙකු ලෙස හඳුන්වමින් මන්ත්‍රීවරයෙකු කළ ප්‍රකාශයක් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් නොකළේ මන්දැයි වැඩිදුරටත් ප්‍රශ්න කළ ඔහු, ජාතිවාදයට ඉඩනොදිය යුතු බව අවධාරණය කළේය.
මේ අතර, සෞදි අරාබියේදී මරණ දඬුවමට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් හට සමාව ලබාගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙස මාදුගොඩ ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
“අනෝජන් බේරාගැනීම සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපිරිසම එකතු විය යුතුයි” යැයිද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart